හිසකෙස් සඳහා ඔලිව් තෙල්
Olive Oil for Hair
අතීතයේ සිටම හිසකෙස් සදහා විවිධ රටවල විවිධ ජන සමාජ තුල විවිධ තෙල් වර්ග භාවිතා කර ඇති බව අප හොදින්ම දන්නා කරුනකි. වර්ථමාන ගෝලීයකරනය තුල එම අතීත පාරම්පරික දැනුම ලොව පුරා බෙදී යමින් පවතී. ඒ අනුව අප අද ඔබ වෙත ගෙන එනු ලබන්නේ අප රටේ ස්වභාවික පරිසරය තුලදී හමු නොවන නමුත් බටහිර මධ්‍යධරණී කලාපය තුල හා යුරෝපා රටවලදී හමුවන ශාකයක් වන ඔලිව් මගින් ලබාගන්නා තෙල් හිසකෙස් සදහා කෙසේ බලපාන්නේද යන්න පිළිබද කරුනු කිහිපයකි.
සම සදහා වන ඔලිව් වල බලපෑම පිලිබද අපගේ ලිපිය මේ වන විටත් ඔබ කියවා ඇතැයි අප සිතන අතර හිසකෙස් සදහා ඔලිව් තෙල් කෙසේ ක්‍රියාකරන්නේදැයි අප විමසා බලමු. නමුත් සත්‍ය වශයෙන්ම ඔලිව් තෙල් මගින් හිසකෙස් වර්ධනය හෝ හිසකෙස් ගැලවී යාම වැලැක්වීම සම්බන්ධ විද්‍යාත්මක සාක්ශි නොමැත. එහෙත් ඔලිව් තෙල් මගින් හිසේ ගැඹුරු මොයිචරයිසින් බලපෑමක් ඇති කල හැකි බවට වන අධ්‍යන බොහොමයක් ඇත.
ඔලිව් තෙල් වල අන්තර්ගතය සැලකීමේදී ඔලෙයික් අම්ලය මෙන්ම විටමින් E එහි අන්තර්ගත බවට සොයාගෙන ඇත. මෙමගින් හිස්කබල පිරිසිදු කල හැකි අතරම මෙහි දිලීර නාශක ගුණ අන්තර්ගත වේ. එමෙන්ම හිසේ වියලි කැසීම මෙන්ම විවිධ ආසාත්මිකතා ඇති අයවලුන්ට ඔලිව් තෙල් භාවිතා කල හැකි අතර මෙයින් හිසේ කැක්කුමටද සහනයක් ලබාගත හැක.
විවිධ කොන්ඩා මෝස්තර භාවිතය නිසා ඔබේ හිසකෙස් වලට හානී වී ඇත්නම් එය මගහරවා ගැනීමටද ඔලිව් තෙල් භාවිතා කල හැක. එමෙන්ම ඔබේ හිසකෙස් සම්බන්දව සෑම වීටම ඔබ ස්වභාවික නිශ්පාදන භාවිතයටම පමනක් පුරුදු වන ලෙස අප ඔබට යෝජනා කරන්නෙමු. මන්ද ස්වභාවික නිශ්පාදන වලින් ඔබට ලබාගත හැකි දීර්ඝකාලීන විසදුම් කෘතිම නිශ්පාදන භාවිතය මගින් ලබාගත නොහැකි බැවිනි.
ඕනෑම හිස්කෙස් වර්ගයක් සදහා ඔලිව් තෙල් භාවිතා කල හැකි අතර ඒසම්බන්දව කෙටි විස්තරයක් පහත දක්වා ඇත.
- වියලි හිසකෙස්
වියලි හිසකෙස් සදහා නැවත ජීවය එක් කිරීමට ඇති හොදම විසදුම් වලින් එකක් ලෙස ඔලිව් තෙල් හැදින්වීම වරදක් නොවේ. මන්ද මෙහි ඇති මේද අම්ල හිසකෙස් මත ක්‍රියා කොට වියලුනු ස්ව්භාවය මගහරවන අතර හිස්කබලේ තෙතමනයද මනාව ආරක්ශා කරයි. මෙමගින් ඔබේ හිසකෙස් මෘදු වන අතරම නැවුම් පෙනුමක් ලබා දේ. වියලීම නිසා හිසකෙස් කැඩී යාමද අවම වේ.
- කැරලි ගැසුනු හිසකෙස්
කැරලි ගැසුනු හිසකෙස් කොන්ඩා මෝස්තර සැකසීමේදී ගැටලුවක්ද? ඔලිව් තෙල් බිංදු කිහිපයක් මගින් ඔබට දිදුලන අලංකාරවත් කෙස් කලඹක් ලබාගත හැකි අතර කොන්ඩා මෝස්තර සැකසීමේදී ඇතිවන ගැටලු මගහරවාගත හැක.
- සැකසූ හිසකෙස්
විවිධ ආකාරයට හිසකෙස් සැකසීමේදී විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන අතර එය ඔබගේ හිසකෙස් වල ස්වභාවික තෙතමනය ඉවත් කරයි. එනිසාම හිසකෙස් දුර්වල වීම හා කැඩී යාම සිදු වේ. ඔලිව් තෙල් මගින් ඔබේ හිසකෙස් මත නැතිවී ගිය තෙතමනය නැවත ලබාගත හැකි අතර මෘදු දීප්තිමත් කෙස් කලඹකට හිමිකම්කිව හැක.
ඔබට දීප්තිමත් අවපැහැ නොවු කෙස්කලඹක් දීර්ඝකාලීනව පවත්වාගැනීමට අවශ්‍ය නම් හැකි සෑම විටම හිසකෙස් වර්ණ ගන්වනවා වෙනුවට වර්ණ ගැන්වූ හිසකෙස් භාවිතයට හුරු වන්න. එමෙන්ම ඔබ කොන්ඩය ලිහිල් කිරීමේ හා පර්මිං කිරීමෙන් පසුව හිසකෙස් සෞඛ්‍ය යතාවත් කරගැනීමට ඔලිව් තෙල් භාවිතා කරන්න.
හිසකෙස් සදහා ඔලිව් තෙල් වල ප්‍රයෝජන
- හිස්හොරි සමග සටන් කරයි
අද වනවිට තරගකාරී ජීවන රටාවත් සමග ගමන් කරන අප සියලු දෙනාටම පාහේ ඇති පොදු ගැටළුවක් ලෙස හිස්හොරි හැදින්වීම වරදක් නොවේ. මන්ද විවිධ කොන්ඩා මෝස්තර සදහා භාවිතා කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා හිස්කබල මෙන්ම හිසකෙස් ද වියලී යාම පොදු තත්වයකි. එනිසාම හිස්කබලේ මතුපිට සෛල මිය යාම හා ඒ මත දිලීර ආසාදන ඇතිවීම සිදු වේ. මෙම තත්වය වර්ධනය වීමත් සමග සුදු පැහැති කුඩු ලෙස හෝ කුඩා පතුරු ආකාරයට මිය ගිය සෛල ගැලවී යාම සිදු වන අතර හිස පිරිසිදු කලද නැවත හිස වියලීමත් සමග මෙලෙස සුදු පැහැ කුඩු පිටවීම දක්නට ලැබේ. මෙය බොහෝ විට මානසික වදයක් වන තරමටම ඇතැමුන්ට බලපානු ලබයි.
ඔබ දන්නවාද මෙලෙස හිස්හොරි ඇතිවීම ඔලිව් තෙල් මගින් පාලනය කල හැකි බව? ඔව් එය සත්‍යයක්. ඔලිව් තෙල් වල ඇති බැක්ටීරියා, දිලීර ප්‍රතිරෝධි ගුණ මෙන්ම හිස්කබලේ නැතිවී ගිය තෙතමනය නැවත ලබාගැනීමටද ඔලිව් තෙල් වලට හැකියාව ඇත.
- හිසකෙස් වර්ධනය උත්තේජන කරයි
ඔලිව් තෙල් නිරන්තරව ආලේප කිරීම මගින් හිසකෙස් වර්ධනය උත්තේජනය කල හැකි බව ඔබ දන්නවාද? දකුනු කොරියාවේ ආහාර හා පෝෂණ දෙපාර්තමේන්තුව සිදු කල පරීක්ෂණයක් මගින් ඔලිව් තෙල් වල අඩංගු ඔලියුරොපීන් නම් සංඝඨකය හිසකෙස් වර්ධනය උත්තේජනය කරණ බව සොයාගෙන ඇත. එමෙන්ම හිස්කබලෙන් ස්‍රාවය වන අතිරික්ත සෙබන් අවම කිරීමටද ඔලිව් තෙල් වලට හැකියාව ඇත. බැලූ බැල්මට සෙබන් යහපත් ලෙස පෙනුනද හිසකෙස් වර්ධනය අතින් ගත් කල මෙම අතිරික්ත සෙබන් ඔබේ හිසකෙස් වර්ධනයට අහිතකර ලෙස බලපානු ලබයි.
- හානි වූ හිසකෙස් අළුත්වැඩියා කරයි
විවිධ කොන්ඩා මොස්තර සදහා විවිධ ආලේපන භාවිතා කිරීම්ට සිදු විම හේතුවෙන් ඔබේ හිසකෙස් තුනී වී කැඩීයාමට පටන්ගන්නා බව ඔබ දන්නවාද? එනිසා හැකි සෑම විටම ස්වභාවික තෙල් වර්ග භාවිතයටම හුරු වන්න. නමුත් ඔබ මේ වන විටත් හිසකෙස් කැඩී යාමේ ගැටළු වලින් පීඩා විදිනවානම් අදම ඔලිව් තෙල් භාවිතයට හුරු වන්න. ස්නානය කල වහාම ඔලිව් තෙල් බින්දු කිහිපයක් හිසට යෙදීම මගින් ඔබට මෙය ආරම්භ කල හැක. එමෙන්ම හානි වූ හිසකෙස් අළුත්වැඩියා කිරීමටද ඔලිව් තෙල් වලට හැකියාව ඇත.
- හිසකෙස් අග පැලීම වලක්වයි
දුර්වල පෝශණය හා හිස්කබලේ අධික ලෙස වියලි බව හිසකෙස් අග මෙන්ම මැද පැලීමටද හේතු වේ. මෙයට හිස්කබලේ පෝෂණය හා සෞඛ්‍ය සෘජුවම බලපානු ලබයි. නමුත් ඔබට ඔලිව් තෙල් භාවිතා කල හැකි නම් මෙම ගැටළු වලින් සහනයක් සලසා ගැනීමට හැකියාව ඇත. ඔලිව් තෙල් ඔබේ හිසකෙස් කේශ මූල වලින් පෝශණය කරණ අතර සුමට දිදුලන දිගු කෙස් කලඹක් ලබාගැනීමට ඔබට උපකාර කරයි.
- තට්ටය ඇතිවීම වලක්වාගන්න
ඩයිහයිඩ්‍රොටෙස්ටොස්ටෙරෝන් නම් හෝර්මෝනය මිනිසුන්ගේ තට්ටය ඇතිවීම කෙරෙහි බලපානු ලබන අතර මෙම හෝර්මෝන අතිරික්තයක් ලෙස නිපදවීම නිසා කෙස් සිහින් වීම හා කැඩී යාමටද බලපානු ලබයි. මෙම හෝර්මෝන ස්‍රාවය වීම අවම කිරීම මගින් ඔබට තට්ටය ඇතිවීම වලකාගත හැක.
අප පෙර ලිපියෙනුත් කථා කල පරිදි මෙම සියලු ප්‍රතිලාභ ලබාගැනීමට නම් ඔබ සෑමවිටම එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් හෝ කාබනික පිරිපහදු නොකල ඔලිව් තෙල් භාවිතය ගැනීමට වගබලාගත යුතුය.
හිසකෙස් සඳහා ඔලිව් තෙල් සත්කාර
ඔබට නිවසේදීම භාවිතා කල හැකි ඔලිව් තෙල් සත්කාරයන් කිහිපයක් අප ඔබ වෙත ගෙන එන්නෙමු. මේවා ඔබට පහසුවෙන් නිවසේදීම සිදුකරගත හැක. උත්සාහකර බලන්න.
- ඔලිව් තෙල් සම්භාහනය
ඔලිව් තෙල් භාවිතයේ මූලිකම හා පැරණිතම ක්‍රමය මෙයයි. දවසේ කටයුතු නිමවා නිවසට පැමිනි පසු ඔබට මේ සදහා කාලය වෙන් කරගත හැකි නම් එය ඔබේ හිසට මෙන්ම ශරීරයටද මහත් සහනයක් ගෙන එනු ඇත.
ඔබට ඉසින බෝතලයක් (spry bottle) හෝ භාවිතය අවසන් වූ ප්ලාස්ටික් hair oil බෝතලයක් පලමුව සපයා ගන්න.
පනාවක් මගින් ඔබේ කොන්ඩය කොටස් කිහිපයකට වෙන්කරගන්න.
ඔලිව් තෙල් බිංදු කිහිපයක් හිස්කබලේ ආලේපකර හොදින් සම්භාහනය කරන්න.
ආලේප කල තෙල් ඔබේ හිසකෙස් අග දක්වාම හොදින් තැවරෙන සේ ඉදිරියට පිරිමදින්න.
විනාඩි කිහිපයක් මෘදු ලෙස හිස්කබල සම්භාහනය කරන්න.
හුමාලය මගින් උණුසුම් කරගත් තුවායකින් ඔබේ කොන්ඩය ආවරණය කොට විනාඩි 30ක් තිබෙන්නට හරින්න.
ඉන් පසු හොදින් සෝදා හරින්න.
මෙය ඔබේහිස්කබලේ සෞඛය වැඩිදියුනු කිරීමට මෙන්ම හිස්කබලේ තෙතමනය ආරක්ශාවීමටද ඉතාමත් හොද ස්වභාවික ප්‍රතිකාරයකි. අධික ලෙස හිසකෙස් ගැලවී යන අය හට මෙය සාර්ථක ප්‍රතිකර්මයකි.
- හිස්හොරි සඳහා
ඔබේ කොන්ඩය සමාන කොටස් වලට බෙදා Hair Clip මගින් වෙන් කරන්න.
ඔලිව් තෙල් භාජනයකට ගෙන එක් එක් කොටසට වෙන් වෙන්ව, වරකට එක් කොටසකට බැගින් යොදන්න.
තෙල් යොදන අතරතුර හිස්හොරි ඉවත් කිරීමට වගබලාගන්න. මේ සදහා ඔබට තවකෙනෙකුගේ සහය ලබාගත හැක.
ඔබ සාමන්‍ය මට්ටමේ හෝ අවම මට්ටමේ හිස්හොරි ඇති අයෙක් නම් මෙලෙස යෙදු ඔලිව් තෙල් විනාඩි 30කට පසුව සෝදා ඉවත් කල හැක.
ඔබ අධික ලෙස හිස්හොරි වලින් පීඩා විදින අයෙක් නම් මෙම සත්කාරය රාත්‍රී නින්දට පෙර සිදුකර පසුදා උදෑසන සෝදා ඉවත් කරන්න.
දිනපතා භාවිතය මගින් හිසහොරි වලක්වාගත හැක.
මීට අමතරව,
උණුසුම් ඔලිව් තෙල් සම්භාහනය ඔබට නිවසේදීම සිදු කරගත හකි අතර ඒ සඳහා ඔබ ඔලිව් තෙල් මදක් උණුසුම් කිරීමට උදුනක් භාවිතය හෝ අත්ල මත උණුසුම් කිරීම භාවිතා කල හැක.
ඔබ ඔලිව් තෙල් භාවිතයට තෝරාගැනීමේදී කාබනික හා පිරිපහදු නොකරන ලද ඔලිව් තෙල් භාවිතයට ගන්නා ලෙස නිර්දේශ කරන්නෙමු. මන්ද එවැනි තෙල් රසායනික ද්‍රව්‍ය වලින් දූෂණය නොවී ඇති බැවිනි. මීට අමතරව වර්ජින් ඔලිව් තෙල්ද හොද තේරීමක් වනු ඇත.
- ඔබ රසායනික භාවිත වලින් ඉවත් වී ස්වභාවික ප්‍රතිකර්ම සඳහා යොමු වන්නේ නම් ප්‍රතිඵල ඔබට දවසකින් හෝ දෙකකින් හෝ සතියකින් ලැබෙනු ඇතැයි සිතිය නොහැක, එනිසා ඔබ ඕනෑම ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකාරයකට යොමු වන්නේ නම් එහි සැබෑ ප්‍රතිඵල සඳහා අවම වශයෙන් දින 30-45ත් අතර කාලයක් ගත වනු ඇත. එතෙක් ඔබට ඉවසීමෙන් රැදී සිටිය හැකි නම් එලෙස ලබාගන්නාවූ ප්‍රතිඵල දීර්ඝ කාලයකට ඔබ වෙතම පවතිනු ඇතිවා මෙන්ම ඔබට අතුරු ආබාධ සඳහා ප්‍රතිකර්ම වලට යන වියදම ඉතිරි වනු ඇත.

Post a Comment