Header Ads

header ad

ඔබේ සමට ඔලිව් තෙල්

 

ඔබේ සමට ඔලිව් තෙල්




මධ්‍යධරණී ප්‍රදේශ වල මෙන්ම ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව, වැනි ප්‍රදේශ වල ස්වභාවිකව වැවෙන ශාකයක් වන ඔලිව් අද වන විට ලෝකයේ විවිධ රටවල වගාකරනු දක්නට ලැබේ. මෙම ඔලිව් ශාකයේ ඵල වලින් ඔලිව් තෙල් නිශ්පාදනය කරනු ලබන අතර එම රටවල සූප සාශ්ත්‍ර කටයුතු සඳහාද බහුලව භාවිතා වේ.

අද වනවිට ඔලිව් තෙල් සූපවේදීන්ගෙන් ඔබ්බට ගොස් රූපලාවන්‍ය කටයුතු සඳහාද බහුලව භාවිතා වේ.

මෙහි පැහැය කහ සිට රන්වන් පැහැය දක්වා වෙනස් වන අතර විවිධ ඖශධ සඳහාද භාවිතා කරයි.

ඔලිව් තෙල් සැලකීමේදී නිශ්පාදන ක්‍රමවේදය අනුව අපිට ප්‍රධාන කොටස් 04ක් බෙදා දැක්විය හැක. එනම්,

   

1. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් (EVOO)

 මෙය නිශ්පාදනයේදී ඔලිව් ඵල පොඩිකර මිරිකීම හෝ සම්පූර්ණ ඵල මිරිකීම සිදු කර තෙල් ලබාගනී. මෙහි රසය ඉහල අතරම ස්වභාවික විටමින හා ඛණිජ ඉහල ප්‍රමාණයක් අන්තර්ගත වේ. එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් වල ආම්ලිකතාව වර්ජින් ඔලිව් තෙල් වලට වඩා අඩු වන අතරම තෙල් මුඩු වීමේ හැකියාව ඉතාමත් අවම වේ.

  

  2. සම්මත වර්ජින් ඔලිව් තෙල් (VOO)

මෙය නිශ්පාදනයේදී වර්ජින් ඔලිව් තෙල් යම් ප්‍රමානයක් භාවිතා කර මිරිකීමෙන් ලබාගනී. මේවායේ හොද රසයක් ඇති අතර ඉවුම් පිහුම් කටයුතු සඳහා බහුලව භාවිතා කරයි.

   

 3. පිරිපහදු කරන ලද ඔලිව් තෙල්

වෙළදපල තුල සාමාන්යෙන් පිරිසිදු ඔලිව් තෙල් ලෙස හැඳින්වෙන්නේ මෙම පිරිපහදු කරන ලද ඔලිව් තෙල් වන අතර මේවායේ “pure olive oil” ලෙස ලේබල අලවා තිබෙනු දකින්නට ලැබේ. මෙවා ඇතැම් විට විරංජන ක්‍රියාවලියකට භාජනය කරනු දක්නට ලැබේ. බොහෝ විට මෙම තෙල් වල මුඩු වීමක් දක්නට නොලැබෙන තරම් වේ.

   

 4. පොමාස් ඔලිව් තෙල්

ඔලිව් තෙල් නිශ්පාදනයේදී ඉවතලන ඔලිව් පල්ප වලින් මේවා ලබාගනී. මෙහිදී පල්ප මත රසායනික හා විවිධ ක්‍රියාකරකම් සිදු කර තෙල් නිස්සාරනය කරගනු ලබයි. මේවා ඔලිව් තෙල් ලෙස සාමාන්‍ය වෙළදපල තුලදී දක්නට ලැබෙන අතර මෙහි එතර්ම්ම ගුණදායක බවක් නොමැති අතරම මිළ තරමක් අවම වේ. නමුත් මෙවා වෙන්කර හඳුනාගැනීම තරමක් අපහසු වේ.


ඔලිව් තෙල් වල සං‍යුතිය සැලකීමේදී සංතෘප්ත මෙද අම්ල මෙන්ම අසංතෘත මේද අමලද අඩංගු වන අතර ඔලිව් තෙල් හදවත් රෝගීන් සඳහා එතරම්ම ගුණදායක නොවේ. නමුත් මෙහි අඩංගු විටමින් වර්ග සැලකීමේදී විටමින් E මෙන්ම, විටමින් A,D,K අඩංගු වේ.රූපලාවන්‍ය කටයුතු ගැන සැලකීමේදී විටමින් E ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද සම හා හිසකෙස් සම්බන්ධව කතාකිරීමේදී විටමින් ඊ මෙන්ම අනෙකුත් විටමින් වර්ගද නිතරම කතාකරන බැවිනි.



ඔලිව් තෙල් වලින් සමට

  • පොදුවේ ගත් කල ඔලිව් තෙල් ඔබේ සම පැහැපත් කරයි.
  • සමෙහි තෙල් නිශ්පාදනය සමතුලිතව තබාගැනීමට උපකාරී වේ.
  • සමේ රෝග නිවාරනයට උදවු කරයි.
  • සමේ සජලීකරණය මනාව පවත්වාගනී.
  • වයස්ගත වීමේ ලකුනු සඟවාලයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.

ඉහතින් සඳහන් කල වාසි ඔබටත් ලබාගැනීම සඳහා නිවසේදීම ඔලිව් තෙල් භාවිතා කරන්නේ කෙසේදැයි අප විමසා බලමු. මෙහිදී අප කතාකරන්නේ සමට ලබාගත හැකි ප්‍රතිලාභ පමනක් ව්න අතර අපගේ මීලග ලිපිය මගින් ඔලිව් තෙල් වලින් ඔබේ හිසකෙස් සඳහා වන ප්‍රතිලාභ අප ඔබ වෙත ගෙන එන්නෙමු.

සම සදහා ඔලිව් තෙල්

  • තරුණ පෙනුම ආරක්ශා කරගමු

එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් බිංදු කිහිපයක් අත්ලට ගෙන ඔබේ මුහුණ හොදින් සම්භාහනය කරන්න. ඔබට කැමති නම දෙහි යුශ බිංදුවක්ද මේ සඳහා එක් කරගත හැක. ඉන් පසු විනාඩි 10-15ක් තිබෙන්නට හැර වතුරෙන් සෝදා හරින්න.

ඔබේ මුහුණ ඉතා වියලි නම් මෙම ප්‍රතිකාරය රාත්‍රි නින්දට පෙර භාවිතා කරන්න, රාත්‍රිය පුරාවට තිබෙන්නට හැර පසුදා සෝදා හරින්න. දිනපතා මෙය සිදු කිරීමෙන් ඔබට කැපී පෙනෙන වෙනසක් දැකිය හැක.

ඔලිව් තෙල් වල ඇති විටමින් ඊ සහ ප්‍රතිඔක්සිකාරක ඔබේ සම මත ක්‍රියා කර ඔබේ සමේ රැලි ඇතිවීම මෙන්ම අහිතකර හිරු කිරනින් ඔබේ සමට වන හානියද ප්‍රතිනිර්මානය කරනු ලබයි.

  • හිරු කිරණින් සම අවපැහැ වීම වලක්වාගමු

එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල්, ඕට්ස් කිරි, කෝමාරිකා ජෙල් හා රෝස වතුර තේ හැදි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර ඔබේ මුහුනේ සහ බෙල්ලේ ඒකාකාරව පැතිරී යන ලෙස ආලේප කරන්න. ඉන්පසු විනාඩි 15-20ක් තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න.

එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් තේ හැන්දක්, රෝස වතුර බිංදු 3-4ක් සහ යෝගට් තේ හැන්දක් සමග මිශ්‍ර කර මුහුණේ, බෙල්ලේ සහ උරහිස් වල ආලේප කරන්න, විනාඩි 20ක් තිබෙන්නට හැර් සිසිල් ජලයෙන් සෝදා හරින්න.

ඔබ නිතර නිතර දැඩි අවු රශ්මියට නිරාවරණය වන අයෙකු නම් මෙය ඔබට වඩාත් හොදින් ගැලපේවි.

ඔලිව් තෙල් වල් ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මේ සදහා හේතු වන් අතර හිරුගේ පාරජම්බුල කිරණ වලින් වන හානිය අවම කිරීම මෙමගින් සිදු වේ. ඔලිව් තෙල් භාවිතය මගින් සමේ පිළිකා අවධානමද අවම කරවාගත හැකි බවට විශ්වාශ කෙරේ.

  • පැලුනු දෙපා සුව කරගමු

උණු වතුර භාජනයකට දෙහි යුෂ ස්වල්පයක් එක් කොට ඉන් පසු එයට ඔලිව් තෙල් මේස හැන්දක් එක් කරන්න. එය හොදින් මිශ්‍ර කර හැකි නම් ඔබේ දෙපා එතුලට දමා හොදින් පිරිමදින්න. නැතිනම් එම මිශ්‍රණය ඔබෙ පැලුනු දෙපා වලට එක් කරමින් පිරිමදින්න.

වඩාත් ඉහල ප්‍රතිඵල සඳහා මෙම ප්‍රතිකාරයෙන් අනතුරුව ඔලිව් තෙල් යොදා දෙපා සම්භාහනය කරන්න. රාත්‍රියක් පුරාවට ඔලිව් තෙල් දෙපා වලට උරාගැනීමට ඉඩ හරින්න.


  • සම පැහැපත් කරගැනීමට ඔලිව් තෙල්
  • සම පැහැපත් කරගැනීමට ඔලිව් තෙල් සත්කාරය ගැන කතාකිරීමට පෙර ඔබේ සම අවපැහැවීමට බලපාන හේතු ගැන විමසා බලමු. පරිසර දූශණය, මානසික ආතතිය, පාරජම්බුල කිරණ මෙන්ම අයපත් ජීවන රටාවද, විවිධ විශ වර්ගද සම අවපැහැ වීමට බලපානු ලබයි. මෙහිදී සමේ රෝග, කුරුලෑ, ලප කැලැල් මෙන්ම වයසට වඩා වයස්ගත පෙනුමද ඔබේ සමේ පැහැයට බලපානු ලබයි. 
  •  සමේ දීප්තිය මෙන්ම පැහැපත් පෙනුම කෙරෙහිද සම තුල ඇති සෙබම් නම් තෙල් වර්ගය සෘජුවම බලපානු ලබයි. පරීක්ශණ මගින් සොයාගෙන ඇති පරිදි සමේ නිපදවන මෙම සෙබම් තෙල් වලට සමාන ස්වභාවික තෙල් වර්ගය ඔලිව් තෙල් වේ.
  • නමුත් ඔබ සම පැහැපත් කිරීමට ඔලිව් තෙල් භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට ප්‍රථම ඊට සරිලන ඔලිව් තෙල් වර්ගයතෝරා ගැනීමට ඔබ ප්‍රවේසම් විය යුතුය. ම්න්ද ඔබ වැරදි ඔලිව් තෙල් වර්ගය තෝරා ගතහොත් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබී යන බැවිනි. මේ සඳහා ඔලිව් තෙල් තෝරා ගැනීමේදී ඔබ ජාන විකෘති නොකරන ලද එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් තෝරාගත යුතු වේ. මෙම තෙල් වල ආම්ලිකතාව 0.8% වන අතර එය ඔබේ සමට වඩාත් හොඳින් ගැලපේ.

    රන්වන් පැහැ ඔලිව් තෙල් ඔබ නිවරදිව තෝරාගත්තේ නම් එමගින් ඔබේ සම ක්ෂුද්‍රජීවින්ගෙන් ආරක්ශා වන අතරම, අහිතකර හිරු කිරණ, කුරුලෑ වැනි සමේ රෝග මෙන්ම ලප කැලැල් වලින් තොර පැහැපත් සමක් ඔබට ලබාගත හැක.

  • මේ සඳහා ඔබ,

 

  • එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් මේස හැන්දක්
  • උණු වතුර භාජනයක්
  • පිරිසිදු තුවායක්

සූදානම් කර, ඉන් පසු ඔලිව් තෙල් අත්ලට ගෙන පිරිමදිමින් ඔලිව් තෙල් අත්ලේ උණුසුම් කරගන්න. උණුසුම් කරගත් ඔලිව් තෙල් ඔබගේ මුහුණට හා බෙල්ලට ආලේප කර රවුම් චලිතයකින් ඉහලට විනාඩි 10ක් පමණ සම්භාහනය කරන්න. ඉන් පසු තුවාය උණු වතුරෙන් පොඟවා මිරිකා මුහුණේ තෙල් ඉවත් වන ලෙස පිසදමන්න. සම්පූර්ණයෙන්ම තෙල් ඉවත් වන තෙක් මෙය සිදු කරන්න.

සෑම දිනකම නින්දට පෙර මෙම සත්කාරය සිදු කිරීම මගින් ඔබට ලප කැලැල් වලින් තොර සුමුදු, සුසිනිදු, පැහැපත් සමක් ලබාගත හැක.



සැලකිලිමත් වන්න.

  • ඔබට තෙල් සහිත සමක් ඇති අයෙකු නම් ඔබේ සමට ඔලිව් තෙල් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකි බැවින් ඔලිව් තෙල් භාවිතයෙන් වැලකී සිටීම වඩාත් යහපත් වනු ඇත.
  • එමෙන්ම ඔබ ඔලිව් තෙල් භාවිතය සඳහා තෝරාගන්නා විට හැකී සෑම අවස්ථාවකදීම එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල්ම භාවිතයට ගන්න.
  • ඔලිව් තෙල් භාවිතයේදී යම් ආසාත්මිකතාවයන් ඇති වන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Powered by Blogger.