ඔලිව් තෙල් වලින් ලැබෙන ප්‍රයෝජන 08ක්.
ඔලිව් තෙල් කියන්නේ ඔලිව් ගෙඩි වලින් සාදන ලද තෙල් විශේෂයකි. අප රටේ ඔලිව් තෙල් භාවිතය එතරම් ජනප්‍රිය නොවුවත් ඔලිව් තෙල් මගින් ලැබෙන ප්‍රයෝජන අති විශාල ය.
1. හිසකෙස් වර්ධනය හා ශක්තිමත් කිරීම
ඔලිව් තෙල් තේ හැන්දක් ගෙන හිසේ හොදින් ගල්වා සම්භාහනය කල යුතුයි. එමගින් ඉතා දීප්තිමත් කෙස් ලබාගත හැකිය.
2. දීප්තිමත් තොල් ලබා ගැනීමට
තොල් වල අවර්ණ බව නැති කර හොදින් ලේ ගමන් කරවා රත් පැහැයක් ලබාගැනීමට හැකිය. එමෙන්ම පැලුනු තොල් සදහා ද භාවිතා කල හැක. ඔලිව් තෙල් සහ මී පැනි සමාන අනුපාතයෙන් යොදා තොල් වල ආලේප කල හැක.
3. අත් වල වියළි බව නැති කර සිනිදු කිරීම
කාන්තාවන් බොහෝ දෙනා නිවෙස් වල වැඩ කිරීමත් නිසා අත් රළු සහ වියළි වේ. එයට හොදම ප්‍රතිකාර වන්නේ ඔලිව් තෙල් භාවිතා කිරීමයි. රාත්‍රි නින්දට පෙර අත් හොදින් උණුවතුර භාවිතා කර සෝදා ඔලිව් තෙල් ආලේප කිරීම ප්‍රමාණවත් වේ. ඔබට ඉතා සිනිදු අත් ලබා ගත හැකිය.
4. දෙපා ගොරෝසුව හා වියළිම වැළක්වීමට
නින්දට පෙර දෙපා උණුවතුර භාවිතා කර සෝදා ඔලිව් තෙල් ගල්වා සම්භාහනය කර කාපු මේස් යොදා නින්දට යන්න. ඔබේ පාද ගොරෝසු වීම හා නියපොතු නීරෝගී වීමට මෙය කදිම වේ.
5. දත් සුදු කිරීමට
මැලියම් ඉවත් කර දත් වල අවපැහැය ඉවත් කිරීමට මෙය භාවිතා කල හැක. දිනකට වරක් ඔලිව් තෙල් තේ හැදි 3 ක් පමණ ගෙන කට හොදින් සෝදා ඉවත් කල යුතුය. මෙමගින් මැලියම් ඉවත් කර සුදු දත් පෙළක් ලබාදෙයි.
6. මේකප් ඉවත් කිරීමට
කෘතීම දේවල් භාවිතා කිරීම වෙනුවට ඔලිව් තෙල් භාවිතා කර මේකප් ඉවත් කිරීමෙන් ඉතා ඉක්මනින් සහ හානියකින් තොරව එය කල හැකිය.
7. මැදෙන ස්ථාන වල අවපැහැය ඉවත් කිරීම
කිහිලි වැනි ප්‍රාදේශ වල අවපැහැය ඉවත් කිරීමට යොදා ගනී. තෙල් ගලවා පිරිමැද සෝදා ගැනීමෙන් කෙටි කාලයක දී පිරිසිදු කර ගත හැකිය.
8.සමේ තෙතමනය රදවා ගැනීමට
සම වියළිමත් සමග සමට වන හානිය අවම කිරීමට බොහෝ ආලේපන වර්ග භාවිතා කලද ඔලිව් තෙල් ඊට කදිම වේ. එමගින් සමට සුවදක්‌ද ඇති කරයි

Post a Comment