මුහුණ පැහැපත් කරන ස්වභාවික සත්කාර 5ක්
මුහුණ පැහැපත් කරන ස්වභාවික සත්කාර 5ක්
මුහුණ යනු ඔබේ සුන්දරත්වයේ කැඩපතයි.අද වන විට මුහුණ පැහැපත්ව සුන්දරව තබාගැනීමට කාන්තාවන් බොහෝ ආලේපන වර්ග, භාවිතා කරයි.එහිදී වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ කෘතිම ආලේපන වර්ගයි.ඊට හේතුව එමගින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීමයි.එහෙත් එම ආලේපන වර්ග වලින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වුවද පසුකලෙක එමගින් සමට හානි ඇතිවිය හැකිය.ඒ නිසාම වඩාත් ගූණදායක වන්නේ ස්වභාවික ආලේපන වර්ග භාවිතා කිරීමයි.මෙමඟින් ප්‍රතිඵල පමා වුවද අතුරුආබාධ නොමැති නිසා බියෙන් කල් ගෙවීමට අවශ්‍ය වන්නේ ද නැත.
1.අලිගැට පේර සත්කාරය
අලිගැටපේර යනු විවිධ පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන පළතුරකි. එනම් විටමින් ඒ ,බී ,සී ,ඊ,කේ ,යකඩ ,කැල්සියම්, පොස්පරස්, සින්ක්, අඩංගුවන පළතුරක. මෙහි අඩංගු පෝෂණ ගුණය මගින් සම දීප්තිමත් කර පැහැපත් කරයි.අලිගැටපේර හැඳි තුනක්,ලෙමන් යුෂ හැඳි බාගයක්,කහ හැඳි බාගයක්,මේ සියල්ල මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.පසුව විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න.තෙල් සහිත සමකට අලිගැටපේර හැදී තුනක්,ආමන්ඩි තෙල් බිංදු තුනක්,ලෙමන් යුෂ හැදි ½,මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.පසුව විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.අලිගැටපේර අයිස් කියුබ් සත්කාරය-අලිගැටපේර කෝමාරිකා හොඳින් බිලෙන්ඩර් කර අයිස් කියුබි සකසා ගත හැකිය. එම අයිස් කියුබි මගින් මුහුණ උදේ සවස සම්භාහනය කරන්න.
2.පැපොල්
සුන්දර රූ සපුවක් ලබාගැනීමට භාවිතා කළහැකි තවත් ගුණදායි පළතුරකි.මෙහි අඩංගු විටමින් ඒ,පොටෑසියම් ,කැල්සියම් ,මැග්නීසියම් ,,,විටමින් බී 1 ,බී3, විටමින් බී 5 ආදි ගුණයන් අඩංගුවේ.පැපොල් වල අඩංගු විටමින් හා ලයිකොපින් සම ආරක්ෂා කරයි.එමෙන්ම පැපොල් වල ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මගින් හිරු එළියෙන් සමටවන හානිය අවම කරයි.පැපොල් හැදි 3 ක්,යෝගට් හැදි තුනක්,දෙහි යුෂ බිංදු තුනක්,මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා සීතල වතුරෙන් සෝදා හරින්න.පැපොල් මේස හැඳි තුනක්,සුදු හඳුන් කුඩු මේස හැඳි දෙකක්, මීපැණි බිංදු දෙකක්,මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සීතල වතුරින් සෝදා හරින්න.
3.තක්කාලි
රූපලාවන්‍ය කටයුතු සඳහා බහුලව භාවිතා කරන තක්කාලි සමේ ඇති බොහෝ ප්‍රශ්න සුව කිරීමට උපකාරී වේ.මෙහි විටමින් බී ,විටමින් බී 1,බී2, බී3, ආදී පෝෂණ ගුණයන් අඩංගුවේ. ඇස්වටා ඇති අදුරු ලප සුව කිරීමේ හැකියාව තක්කාලි සතුවේ. කුරුලෑ ඇතිවීම වැළැක්වීම, ලප කැලැල් මැකීම හා සම රැලි වැටීම අවම කිරීම තක්කාලි ආලේප කිරීම මගින් අවම කරගත හැකිය. එමෙන්ම පාරජම්බුල කිරනින් සම ආරක්ෂා කිරීමද තක්කාලි ආලේප කිරීම මගින් සැලසෙන වාසී අතර වේ.තක්කාලි යුෂ පමණක් මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න.මෙමගින් සම පැහැපත් කර ගත හැකිය.තක්කාලි යුෂ සමග දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කර කුරුලෑ ඇති ස්ථානවල ආලේප කරන්න. විනාඩි විස්සක් පමණ තබා සීතල වතුරින් සෝදා හරින්න.
5.කස්තුරි කහ
කස්තුරි කහ යනු ඉන්දියාවේ සුරූපිනියන් මූහුණ පැහැපත් කර ගැනීම සඳහා බහුලව භාවිතා කරන ඖෂධයකි. මෙහි අඩංගු කර්කියුමින් මගින් සම පැහැපත්කරයි.සමේ ලප කැළැල් අවම කරයි.කස්තුරිකහ මේස හැදි එකක් සමග යෝගට් මේස හැඳි හතරක් හා අල යුෂ එකතුකර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.කස්තුරි කහ හැදි එකක් කඩල පිටි හැදි දෙකක් සමග යෝගට් පමණට යොදා මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.
උපුටාගැනීම fitnesssinhala.com

Post a Comment