රුව වැඩිකරන සම රැකගන්න මෙන්න පිළිවෙත්
සම පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන ඔබට සමෙහි වටිනාකමත්, සම රැකගන්නා අයුරුත් පැහැදිලි කිරීමට
අදහස් කළෙමි. සම යනු කෙනකුගේ ප්‍රසන්න බව පිරිපුන් බව පෞරෂය, ආකර්ෂණය ඇතිකරන එක් අංගයකි. සම පිරිසිදුව තබාගැනීම
සමේ පැහැපත් බව, සියුම් බව, ආරක්‍ෂා කර ගැනීම සඳහා අපි අනුගමනය කළ යුතු පිළිවෙත් රාශියකි.
මේ ගැන කුඩා අවදියේ සිටම අවදානය යොමුකිරීම හරිම වැදගත්. එනම් මව්වරුන් තම දරුවා ඉපදී සති 02 ක් ඇතුළත ආයුර්වේදයේ සඳහන් ‘සඳුන් කල්කය’ දරුවන්ට පෙවීම සිදුකරයි. මේ මගින් දරුවාගේ ලේ ධාතුව පිරිසිදුවී රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව එනම් ලේ ධාතුව තුළ ප්‍රතිශක්තිය ඇති කරයි. එනිසා රත රෝග ඇතිවීම වලකාලයි. කුඩා කල සිටම සම ආරක්‍ෂා කරයි.
වයස්වලට අනුවත්, වියලි සම, තෙල් සහිත සම හා මිශ්‍ර සම යනුවෙනුත් සම කොටස් 3 ට වර්ග කළ හැකිය. ඒ ඒ සමට ගැලපෙන අයුරින් ප්‍රතිකාර කළ යුතුය. සම පිරිසිදු කර ගන්නා අයුරු.
● රලු වියලි ගොරෝසු කෙඳි සහිත දේවලින් ගල් ආදියෙන් සම ඇතිල්ලීම නොකළ යුතුය. සම මතුපිට ඇති ආරක්‍ෂිත
සෛලවලට හානි සිදුවී යට සෛල මතුවීම සිදුවුවහොත් සම දුර්වර්ණවීම, රෝග ඉක්මනින් වැලඳීම හිරු රශ්මියට
ඔරොත්තු නොදීම විය හැකිය.
● සබන් භාවිතයේද ඉතා සැලකිලිමත් විය යුතුය. සබන්වල රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බැවින් සමඑ එවැනි දේ
අහිතකර වීමට බොහෝ ඉඩ ඇත.
● ස්වාභාවික ශාකසාර අඩංගු සමට හිතකර සේදුම්කාරක භාවිත කරන්න.
වියලි සමට හා සාමාන්‍ය සමට
● කෝමාරිකා යුෂට දෙහි යුෂ බිංදු 04 ක් දමා මීපැණි ස්වල්පයක් සමග මූනේ ආලේප කර මසාජ් කර පිරිසිදු
ජලයෙන් සෝදන්න.
තෙල් සහිත සමට
● පිපිඤ්ඤා යුෂ දෙහි යුෂ මීපැණි මිශ්‍රකර ගාන්න. විනාඩි 15 කින් සෝදන්න.
● බිත්තර සුදු මදයට දෙහි බිංදු 4 ක් දමා මුහුනේ ගා විනාඩි 15 කින් සෝදන්න.
● කොහොඹ කහ මිශ්‍ර ආලේප හොඳයි. එම වර්ගවල සේදුම් දියර භාවිතය හොඳයි.
ඉහත සඳහන් ආකාරයට සමට ප්‍රතිකාර කළ යුතු අතර එක් එක් රෝග අවස්ථා සඳහා වෙන වෙනම ප්‍රතිකාර සිදුකළ යුතු
අතර වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගැනීමට වගබලා ගත යුතුය.
දේශමාන්‍ය පාරම්පරික සර්වාංග ආයුර්වේද වෛද්‍ය
● කේ. කේ. ඩබ්. කුමුදුනී
‘ජයහංස’ ආයුරා ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය
බෝකුන්දර, පිළියන්දල.
වෛද්‍ය ලි. ප. අංකය 11627
දු.ක. 071 7590 266

Post a Comment